preloader

සාදරයෙන් පිළිගනිමු

උඩපළාත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය බටහිරින් ගම්පල නගරසභා බල ප්‍රදේශය හා උඩුනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලින්ද, නැගෙනහිරින් පාතහේවාහැට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද, උතුරින් මහනුවර කඩවත් සතර හා ගඟවටකෝරළේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද, දකුණින් කොත්මලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද, මායිම් වී ඇත. උතුරු අක්ෂාංශ 7.10 හා නැගෙනහිර දේශාංශ 80.50 අතර පිහිටා ඇති මෙම බල ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට මීටර් 495 ක උසකින් පිහිටා ඇත.

විශාලත්වයෙන් වර්ග කි.මී. 176.9ක් වන මෙම කොට්ඨාශය ග්‍රාම නිලධාරී කොට්ඨාශ 61 කින් යුත් අතර එය ගම්පල හා නාවලපිටිය යන මැතිවරණ කොට්ඨාශ දෙකකින් ද උඩපළාත හා දොළුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙකකින් ද සමන්විත වේ.

එමෙන්ම මෙම බල ප්‍ර‍දේශයේ මුළු ජනගහනය (2019 සංඛ්‍යාලේඛන අනුව) 127717 කි. එයින් වැඩි පිරිසක් සිංහල වන අතර, මුස්ලිම්, බර්ගර් වැනි ජන කොටස්ද ඒ අතර වේ..


ගරු සභාපතිතුමන්ගේ පණිවිඩය

උඩපළාත ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී මණ්ඩලය හා කාර්ය මණ්ඩලය සමඟ එක්ව කඩිනම් සංවර්ධනයක් තුළින් ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කිරීම උදෙසා හැකි සෑම අයුරකින්ම කැපවී ක්‍රියාකරන අතර නව තාක්ෂණවේදය ඔස්සේ එකී කටයුතු තවදුරටත් පුළුල් කිරිම මාගේ අභිලාෂයයි. එහි එක් පියවරක් ලෙස මෙම වෙබ් අඩවිය ආරම්භ වන අතර සේවා පහසුකම් සේවාලාභීන් වෙතට ගෙනයාමටත් සෙසු තොරතුරු ලොව ඕනෑම කෙනෙකු සමඟ හුවමාරු කර ගැනීමටත් මෙමගින් අවකාශ සැලසෙනු ඇත.

නව තාක්ෂණයේ පහසුකම් අත්විඳිමින් ප්‍රදේශයේ සංවර්ධනයට ඔබගේ දායකත්වය ලබාදීමට අප සමඟ එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි.

ඩී.ජී. ගුණසේන
සභාපති - උඩපලාත ප‍්‍රාදේශීය සභාව

ලේකම්තුමියගේ පණිවිඩය

සේවාලාභීන් වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම උදෙසා නව තාක්ෂණය භාවිත කිරීමේ එක් පියවරක් ලෙස ආයතනයේ නිල වෙබ් අඩවිය ආරම්භ කිරීම අපගේ සුවිසල් ජයග්‍රහණයකි. අපගේ සේවාලාභීන්ට ප්‍රමාදයකින් තොරව අවශ්‍ය සේවාවන් ලබාදීමට මෙන්ම කඩිනමින් තොරතුරු හුවමාරු කිරීමට ද මෙමගින් අවස්ථාව උදාවේ.

මෙම මහගු අවස්ථාවෙන් උපරිම සේවා පහසුව අත්විදිමින් ප්‍රදේශයේ සංවර්ධනයට ඔබගේ යුතුකම් ඉටුකිරීමටද කැපවන මෙන් යෝජනා කරමි.

එස්. එම්. කේ. ජී. එස්. සුභසිංහ
ලේකම් - උඩපලාත ප‍්‍රාදේශීය සභාව

ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ උපදේශකත්වය යටතේ ක‍්‍රියාත්මක මහජන පුස්තකාල ස්වයංක‍්‍රීයකරණ ව්‍යාපෘතියට අදාළ උඩපළාත ප‍්‍රාදේශීය සභාවේ දොළුව මහජන පුස්තකාලය ස්වයංක‍්‍රීයකරණ සමාරම්භක ජාතික උත්සවය 2023 ජනවාරි 10 දින පවත්වන ලදි.

මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මැතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් උඩපළාත ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන 2021 දෙසැම්බර් මස 09 වන දින ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවැත්විණි. එදින උඩපළාත ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද ගරු ආණ්ඩුකාරතුමා විසින් සිදුකරන ලදී.